සංජාන 06 | අසුභ සංඥාව | දේශනය සහ පුහුණුව | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

“සංජාන” පුහුදුන් පපංචයෙන් ඔබ්බට….. ‘සඤ්ඤාවේ පෙළහර’ පියවර 6 - අසුභ සංඥාව දේශනය සහ පුහුණුව

පළ කළ දිනය : 2026-08-14
සංජාන 06 | අසුභ සංඥාව | දේශනය සහ පුහුණුව | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

සංජාන 05 | අනත්ත සංඥාව 2 | සාකච්ඡාව සහ පුහුණුව | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

“සංජාන” පුහුදුන් පපංචයෙන් ඔබ්බට….. ‘සඤ්ඤාවේ පෙළහර’ පියවර 5 - අනිච්ච සංඥාව දේශනය සහ පුහුණුව

පළ කළ දිනය : 2026-08-07
සංජාන 05 | අනත්ත සංඥාව 2 | සාකච්ඡාව සහ පුහුණුව | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

සංජාන 04 | අනත්ත සංඥාව | සාකච්ඡාව සහ පුහුණුව | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

“සංජාන” පුහුදුන් පපංචයෙන් ඔබ්බට….. ‘සඤ්ඤාවේ පෙළහර’ පියවර 4 - අනිච්ච සංඥාව දේශනය සහ පුහුණුව

පළ කළ දිනය : 2026-07-31
සංජාන 04 | අනත්ත සංඥාව | සාකච්ඡාව සහ පුහුණුව | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

සංජාන 03 | අනිච්ච සංඥාව | සාකච්ඡාව සහ පුහුණුව | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

“සංජාන” පුහුදුන් පපංචයෙන් ඔබ්බට….. ‘සඤ්ඤාවේ පෙළහර’ පියවර 3 - අනිච්ච සංඥාව සාකච්ඡාව සහ පුහුණුව

පළ කළ දිනය : 2026-07-24
සංජාන 03 | අනිච්ච සංඥාව | සාකච්ඡාව සහ පුහුණුව | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

සංජාන 02 | අනිච්ච සංඥාව | පුහුදුන් පපංචයෙන් ඔබ්බට | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

“සංජාන” පුහුදුන් පපංචයෙන් ඔබ්බට….. ‘සඤ්ඤාවේ පෙළහර’ පියවර 2 - අනිච්ච සංඥාව "සංජාන" වැඩසටහනේ අරමුණ සහ පුහුදුන් බව සංජාන හුදෙක් තොරතුරු සන්නිවේදනය කරන හෝ දහම උගන්වන පාඨමාලාවක් නොවේ, පුහුදුන් බව නමැති පපංචයෙන් (කූඩුවෙන්) එළියට ඒමට කැමති අය සඳහා වූ ප්‍රායෝගික මනසිකාරයක්. බොහෝ දෙනා තමන් කරන වැරදිවලට "අපි පෘථග්ජනයෝනේ" කියා සමාවට කරුණු ඉදිරිපත් කළත්, ඇත්ත වශයෙන්ම පුහුදුන් බව කියන්නේ සොබාදහම නිර්මාණය කළ දෙයක් නොව, සිතින්ම හදාගත්තක් බව තේරුම් ගන්ට ඕනේ. පුහුදුන් බව සහ අරියබව අතර ඇති පාලම වෙන්නේ මේ "දස සංඥාවයි”, මේ සංඥා වැඩීම නිසා ක්‍රමිකව පරිණාමයක් ඇති වෙනවා. සංඥාව යනු කුමක්ද? සංඥාව යනු යමක් දෙස බලන ආකාරය, දෘෂ්ටිකෝණය. අප යමක් දෙස ලස්සනයි කියා බැලුවොත් ලස්සනට පෙනෙනවා, හොඳයි කියා බැලුවොත් හොඳයි කියාත් නරකයි කියා බැලුවොත් නරකයි කියාත් පේනවා. සංඥාව කියන්නේ අන්න ඒ බලන "ඇස" හෙවත් "කෝණයට". පුහුදුන් හිත ගන්න මූල්ම වැරදි සංඥාව වෙන්නේ මේ දේවල් "සදාකාලිකයි" (නිච්චයි) කියන දැනීම නැත්තම් හැඟීම. අප මල් පරවීම එහෙම නැත්තම් උපන් කෙනෙකුගේ මියයෑම වැනි සාමාන්‍ය වෙනස්වීම් සදාකාලික නොවේ කියා පොදුවේ පිළිගත්තත්, "මම" සහ "මගේ ලෝකය" තුළ ඒ පොදු නීතිය වලංගු නොවිය යුතු යැයි සිතමින්, නිගමනය කරමින් සුවිශේෂී වැටවල් ගහගෙන ඉන්නවා. අප අත් දකින සියලුම ප්‍රශ්න වලට මුල මේ නිත්‍ය යයි කියන සංඥාව. අනිච්ච සංඥාව: ගිනි නිවන උපකරණයක් පුහුදුන් සිත නිතරම අතීතය මත යැපෙමින්, අනාගතය ප්‍රාර්ථනා කරමින් සහ වර්තමානයට ඇලෙමින් තුන් කාලයේම දැවෙමින්, පිච්චෙමිනුයි ඉන්නේ. මෙම දැවීමෙන් නිවීමට ඇති ගිනි නිවන උපකරණයයි "අනිච්ච සංඥාව". ගින්න ඇවිලෙන සෑම අවස්ථාවකම, එනම් දුකක් හෝ වේදනාවක් ආ සැනින් එය නිවා ගැනීමට මෙම උපකරණය භාවිතා කරන අයුරු පුහුණු වී ළඟ තබාගත යුතුයි. අප හඬන්නේ හෝ විලාප තබන්නේ දුක නිසාම නොව, එම දුක සදාකාලිකයි යන වැරදි හැඟීම (නිච්ච සංඥාව) නිසාය,. අනිච්ච සංඥාව වැඩීම කියන්නේ මේ ගින්නට තෙල් දැමීම නතර කර වතුර දැමීම වැනි ගිනි නිවීමකට. ප්‍රායෝගික භාවනාව: පංචස්කන්ධය විමසීම ස්කන්ධ පහ (රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ) ප්‍රායෝගිකව හඳුනා ගැනීමට ක්‍රම දෙකක් අපට දක්වන්න පුළුවන්. පුද්ගලයෙකු ඇසුරින් අනිච්ච සංඥාව දැකීම යම් පුද්ගලයෙකු මතක් කරන විට සිතේ මැවෙන රුව (රූපය), ඒ සමග ඇතිවන සැප/දුක් විඳීම (වේදනාව), ඔහුව හෝ ඇයවහඳුනා ගැනීම (සංඥාව), ඔහු හෝ ඇය කෙරෙහි ඇතිවන මනාප/අමනාප, ලස්සන අවලස්සන කියා ගන්න තීරණ (සංඛාර) සහ ඒ පිළිබඳ ඇති දැනීම (විඤ්ඤාණය) යන කරුණු පහ නිරීක්ෂණය කරන්න. එම පුද්ගලයා ගැන නැවත නැවත සිතන විට, සෑම වතාවකම මෙම කරුණු පහ එකම ආකාරයෙන් නොපවතින බවත්, ඒවා වෙනස් වන බවත් (අනිච්ච බවත්) දැකීමට උත්සාහ කරන්න. බාහිර පුද්ගලයන් දෙස මෙන්ම තමන් දෙසත් මේ විදිහටම බලන්න පුළුවන්. එදිනෙදා බොන තේ කෝප්පය ඇසුරින් අනිච්ච සංඥාව දැකීම ඇසට පෙනෙන තේ කෝප්පය, එහි හැඩය සහ පැහැය පමණයි ඇසට පෙනෙන්නේ. අතට දැනෙන තේ කෝප්පය, දැනෙන සීතල හෝ උණුසුම හා තද හෝ මුදු බව ඇස දැනගත් තේ කෝප්පයටවඩා වෙනස් බව අත් දකින්න. නාසයට දැනෙන තේ යනු සුවඳයි දිවට දැනෙන තේ යනු උණුසුම හා රසයයි. මේ හතරමට අප කියන්නේ තේ කීවාට දැනීම් හතරක්. තේ කෝප්පත් හකරක්. එමෙන්ම උගුරෙන් උගුරට තේ රස බලන විට, සෑම උගුරකම අත්දැකීම පෙර උගුරට වඩා වෙනස් බව නිරීක්ෂණය කරන්න. මෙසේ සිදුවීම්, විඳීම් සහ හඳුනාගැනීම් සියල්ලම උගුරෙන් උගුරට, මොහොතින් මොහොත වෙනස් වන බව දැකීමයි අනිච්ච සංඥාව. පුහුණුවට උපදෙස් මෙම අභ්‍යාසය හුදෙක් වාඩි වී කරන භාවනාවකට සීමා නොකර, දිනපතා තේ බොන විට හෝ ඕනෑම ක්‍රියාවකදී නිති කමටහනක් ලෙස වඩන්න බලන්න. ටිකෙන් ටික, දිනපතා වඩන විට අවිද්‍යාව දුරු ව විද්‍යාව පහළ වේවි,රූපයන්, කාමයන් සහ භවය කෙරෙහි ඇති ලොල් බව හරියට තරු එළිය හඳ පායන විට මැකී යන්නාක් මෙන් ක්ෂය වී යාවි. එදිනෙදා කරන පුහුණුවේදී තමන්ට ලැබුණු අත්දැකීම්, පැහැදිලි වුන තැන් එසේත් නැත්තම් නොපැහැදිලි තැන් ඊළඟ වැඩසටහනට කලින් ලියා එවන්න. ඒ ඇසුරෙන් අපට පුළුවන් මීළඟ වැඩසටහනේදී ඉදිරියටත් සාකච්ඡාව සහ භාවනාව තවදුරටත් ප්‍රයෝගිකව පුහුණු කරන්න. හැම දෙනාටම සෙතක් ශාන්තියන් වේවා !!!

පළ කළ දිනය : 2026-07-11
සංජාන 02 | අනිච්ච සංඥාව | පුහුදුන් පපංචයෙන් ඔබ්බට | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

සංජාන 01 | පුහුදුන් පපංචයෙන් ඔබ්බට | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය

"පුහුදුන් පපංචයෙන් ඔබ්බට, සඤ්ඤාවේ පෙළහර" වැඩසටහනේ අරමුණ නිලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේ ගරු උපදේශක, කල්‍යාණ මිත්‍ර උපුල් නිශාන්ත ගමගේ මහතා විසින් මෙහෙයවනු ලබන නවතම භාවනාමය මාර්ගගත වැඩසටහන “සංජාන”. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද වූ ගිරිමානන්ද සූත්‍රය පාදක කරගත් දේශනා සහ ප්‍රයෝගික පුහුණුවීම් හා එහි අත්දැකීම් සාකච්ඡා කරන මෙම වැඩසටහන් මාලාව බ්‍රහස්පතින්දා දිනයන්වලදී රාත්‍රී 7:30 සිට 9:00 මාර්ගගතව පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙම වැඩසටහනේ තවත් අරමුණක් වන්නේ මේ ඇසුරෙන් එදිනෙදා පුහුණු වීමට හැකි අත් පොතක් සම්පාදනය කිරීම. එමගින් සාකච්ඡා කළ හා පුහුණු කළ කරුණු වඩාත් පහසුවෙන් කියවීමටත් මතක තබා ගනීමටටත්, එදිනෙදා භාවිතයට ගැනීමටත් වඩාත් පහසු වේවි. වැඩසටහනේ අන්තර්ගතය. බුදුරජාණන් වහන්සේ විසින් දැඩි ලෙස ගිලන්ව සිටි ගිරිමානන්ද හිමියන් උදෙසා දේශනා කරන ලද සඤ්ඤා (නුවන්) දහය පිළිබඳව කෙරෙන ප්‍රායෝගික විග්‍රහයක් වශයෙන් මෙම වැඩසටහන පැවැත්වේ. මෙම සඤ්ඤා වැඩීමෙන් ගිරිමානන්ද හිමියන්ගේ රෝගාබාධ සන්සිඳුණු බවත්, එමගින් ඕනෑම කෙනෙකුට තම සිතේ ඇතිවන ක්ලේශයන් සහ කායික පීඩාවන් දුරු කර ගැනීමට මග පෙන්වන බවත් සඳහන් වෙලා තියනවා. මෙහිදී ප්‍රධාන වශයෙන් නිවන දැකීම සඳහා අවශ්‍ය වන පහත දැක්වෙන ප්‍රඥා ඇස් පිළිබඳව පියවරින් පියවර ගැඹුරට සාකච්ඡා කෙරෙනු ඇති. 1 අනිච්ච සඤ්ඤාව: සියල්ල අනවරත ගමනක යෙදී සිටින බව දැකීම. 2 අනත්ත සඤ්ඤාව: 'අයිතිකරුවෙකු නැති, මගේ නොවෙයි' යන අනාත්ම අවබෝධය. 3 අසුභ සඤ්ඤාව: ශරීරයේ ඇති පිළිකුල් සහගත සහ සංස්ඛාර ස්වභාවය දැකීම. 4 ආදීනව සඤ්ඤාව: ශරීරය ලෙඩ ගබඩාවක් ලෙසත්, එහි ඇති දෝෂයන් පිළිබඳවත් අවබෝධ කර ගැනීම. 5 පහාන සඤ්ඤාව: සිතට එන අකුසල් සිතුවිලි බැහැර කිරීම. 6 විරාග සඤ්ඤාව: කෙලෙස්වලින් සහ බැඳීම්වලින් සිත දුරු කර ගැනීම. 7 නිරෝධ සඤ්ඤාව: ඇලීම සහ ගැටීම නැති කර සිත නිවා ගැනීම. 8 සබ්බලෝකේ අනභිරත සඤ්ඤාව: මුළු ලෝකය කෙරෙහිම ඇති වින්දනීය බැඳීම් අත්හැරීම. 9 සබ්බසංඛාරේසු අනිච්ච සඤ්ඤාව: සියලු සංස්කාරයන්ගේ නොනවතින ගමනාගමනය දැකීම. 10 ආනාපාන සති. වැඩසටහනේ ආකෘතිය. මෙම සාකච්ඡාව හුදෙක් න්‍යායාත්මක දේශනාවක් පමණක් නොවේ, ඇස, කන, නාසය වැනි ආයතන හය හා සබැදෙන ලෝකය කෙරෙහි එදිනෙදා ජීවිතයේදී මෙම ධර්ම කරුණු අදාළ කරගන්නේ කෙසේදැයි පෙන්වා දෙන නැවත නැවත පහුණු වීමට හැකි ප්‍රයෝගික වැඩසටහනක්. ඇලීම සහ ගැටීම දුරු කිරීම, ලෝකයේ යථාර්ථය (අනිච්ච සහ අනාත්ම බව) දැකීම තුළින් සිතේ ඇතිවන දැඩි බැඳීම (ඇලීම) සහ විරුද්ධ වීම (ගැටීම) නැති කරගන්නා ආකාරය මෙහි සරලව පැහැදිලි වේවි. නිරාමිස සුවය: ලෞකික සැපයන්ට වඩා උසස් වූ, සිත අතහැරීම තුළින් ලැබෙන "නිරාමිස සුවය" අත්විඳීමට යෝගීන්ට මග පෙන්වීම මෙම වැඩසටහනේ මුලිකම ඇරමුණ. 2026 ජූලි 2 බ්‍රහස්පතින්දා රාත්‍රී 7:30 සිට පළමු සඤ්ඤාව වන අනිච්ච සඤ්ඤාව ගැන දේශනාව පැවැත්වෙන අතර මඟ පෙන්වන භාවනාවක් (guided meditation) අත් දකින්න ලැබේවි . ඉන් පසුව සතියක් පුරා ඔබ එය පුහුණු වීමෙන් මතුවූ ගැටළු, අත්දැකීම් ඊළඟ බ්‍රහස්පතින්දා දිනයේදී පැවැත්වෙන පුහුණු වැඩසටහනේදී සාකච්ඡාවට ගනීවි. මෙහිදී ඔබ විසින් video on කර ප්‍රයෝගිකව පුහුණුවීමට සුදුසු ස්ථානයක සිට සම්බන්ධ වන්නේ නම් ඉතාම යෝග්‍ය වේවි, මේ සඳහා ඔබගේ කාලය ස්ථානය සකසා ගන්න, වැඩසටහන අතරතුරේදී අනෙකුත් යෝගීන්ට බාධා නොවන සේ ඔබගේ සම්බන්ධතාවය තබා ගන්න උත්සහ කරන්න. මෙම සංවාදයට ඔබගේ ගැටළු සහ අත්දැකීම් එදිනදී හෝ ඊට කලින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබගේ සක්‍රීය දායකත්වය ඔබගේ මෙන්ම අනෙකුත් කල්‍යාණ මිත්‍රයන්ගේ ධර්ම අවබෝධය වෙනුවෙන් ඉමහත් රුකුලක් වේවි. මෙම වැඩසටහන වෙනුවෙන් ඔබගේ අදහස් යෝජනා ඇත්නම්, මේම සමුහයට, වෛද්‍ය සුජන්ති මෙනවියට හෝ අපගේ ගුරුතුමා වෙත කෙලින්ම යොමුකළ හැකියි. හැමදෙනාටම තෙරුවන් සරණයි. #නිල්ලඹ_දේශනා #නිල්ලඹ #නිල්ලඹ_භාවනා_මධ්‍යස්ථානය #සිංහල #සිංහල_ධර්ම_දේශනා #ධර්ම_දේශනා #nillaba_deshana #Nillambe #NillambeMeditationCenter #NilambeMeditationCenter #NillambeBhavanaMadyasthanaya #Bhavana #BhavanaSinhala #Vipassana #VipassanaMeditation #Anapanasathi #Mindfulness #GuidedMeditationSinhala #MeditationRetreat #SriLankaMeditation #SriLankanBuddhism #Theravada #Dhamma #DhammaTalk #BuddhaDeshana #Saddharma #BanaSinhala #BuddhistTeachings #BuddhistWisdom #SuttaDeshana #SpiritualJourney #InnerPeace #MentalHealthSinhala #CalmMind #StressReliefMeditation #PositiveMind #LifeTransformation #SinhalaBuddhism #MeditationSriLanka #KandySriLanka #SpiritualRetreatSriLanka #BhavanaCamp #DharmaWisdom

පළ කළ දිනය : 2026-07-04
සංජාන 01 | පුහුදුන් පපංචයෙන් ඔබ්බට | නිල්ලඹ බෞද්ධ භාවනා මධ්‍යස්ථානය